May 10, 2024

'සතාට මැරෙන්න ගහද්දි පොල්ල කැඩෙන්න බැහැ' - මැ.කො. (VIDEO)

පෙර පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් වීම නිසා පොලීසිය වැඩිපුර නීතිය ක්‍රියාත්මක කරන බවට චෝදනා නැගෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ය. එවන් චෝදනා නගමින් දිගින් දිගටම තමන්ට දුරකතන ඇමතුම් පැමිණෙන බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ය.

දේශප්‍රිය මහතා මේ අදහස් පළ කළේ ඊයේ (07) හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණු වයඹ පළාත් උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.

ඡන්දපොලේ දී ඡන්ද පෙට්ටියක් රැගෙන යාමට කිසිවෙකු පැමිණියහොත් එම පාර්ශවයට එරෙහිව උපරිම බලය යෙදවීමට පොලීසියට හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා මෙම දැණුවත් කිරීමේ දී අවධාරණය කළේ ය.

එමෙන්ම දේශපාලනඥයින් සමඟ ද්වේශයෙන් කටයුතු නොකරන බවත් තමා සිදු කරන්නේ නීතිය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම පමණක්ම බවත් දේශප්‍රිය මහතා පැවසුවේ ය. මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීමේ දී එම අපේක්ෂකයාට අගෞරව නොවන ආකාරයෙන් එය සිදු කරන බව ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)