May 10, 2024

පාතාල සාමාජිකයින් රැඳවූ බන්ධනාගාරවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි දෙමටගොඩ චමින්ද නමැති පාතාල සාමාජිකයාගේ කුටියෙන් ජංගම දුරකථනයක් හමුවීමෙන් පසුව සිදු කළ විමර්ෂණයකින් පසු පාතාල සාමාජිකයින් රඳවා සිටින බන්ධනාගාර ආශ්‍රිත ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබේ.

බන්ධනාගාර තුළ රඳවා සිටින පාතාල සාමාජිකයින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල විවිධ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇති කිරීමට ඉඩ අැති බවට ලැබුණු තොරතුරුවලට අනුව මෙම විශේෂ ආරක්ෂක ක්‍රියාමාර්ග ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පවසා ඇත.

මේ අනුව, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාට ද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී ඇති බව පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 August 2015 02:06