May 10, 2024

විදුහල්පති විභාග ප්‍රවේශපත්‍ර නොදුන් නිසා සිසුවිය දිවි නසාගෙන

විදුහල්පතිවරයා විසින් උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රය ලබා නොදුන් බව පවසා වව්නියාව, පන්ඩාරිකුලම් විපුලානන්ද විද්‍යාලයේ සිසුවියක්  සියදිවි හානි කරගෙන තිබේ.

ජුලි මස 06 වන දින විභාග දෙපාර්තමේන්තුව මගින් විභාග ප්‍රවේශ පත්‍ර පාසල්වලට යොමු කර ඇති අතර ඒවා වහාම අපේක්ෂකයින් වෙත ලබා දෙන ලෙසට ද උපදෙස් ලබා දී තිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන තුරු අදාළ පාසලේ විදුහල්පතිවරයාගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇති බව මාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පැවසුවේ ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 August 2015 09:56