May 11, 2024

12 වියැති දැරියකට අතවර කළ සෙබළුන් තිදෙනෙකු දැළේ

රාති‍්‍ර කාලයේ දී බකමුණ සිරිකදුරුයායේ නිවසකට ඇතුළු වී 12 හැවිරිදි ගැහැණු ළමයෙකුට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යුධ හමුදා  සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
 
දැරියගේ නිවසට පැමිණි සැකකරුවන් ඇය අවදිකර නිවසේ පිටුපසට ගෙන ගොස් අතවර කර ඇතැයි පැවසෙන අතර දැරිය සහ ඇයගේ නැගණිය කෑගැසූ පසු සැකකරුවන් පලාගොස් ඇති බව සඳහන් වේ.
 
සැකකරුවන් අද හිගුරක්ගොඩ මහේස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Rate this item
(2 votes)