May 13, 2024

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම 15 වැනිදා

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා ලබන 15වැනිදාට යෙදෙන සුභ මොහොතින් කප් සිටුවීම සිදු කෙරේ.

ඒ අනුව ලබන 15 වැනිදායින් ආරම්භ වන දේවාල පෙරහර අගෝස්තු 19 වැනිදා අවසන් වන අතර අගෝස්තු 20 වැනිදා ප්‍රථම කුඹල් පෙරහර පැවැත්වේ. එදින සිට දින 05ක් පුරාවට පැවැත්වෙන කුඹල් පෙරහර අගෝස්තු 24 වැනිදා අවසන් වේ.

ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු 25 වැනිදා ආරම්භ වන අතර අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 29 වැනි දා වීථි සංචාරය කෙරේ. පෙරහර මංගල්‍යය අගෝස්තු 30වැනිදා අලුයම ගැටඹේ තොටුපළින් දිය කැපීමේ මංගල්‍යයෙන් පසු එදින පැවැත්වෙන දහවල් පෙරහරින් අවසන් වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 07 August 2015 16:45