May 13, 2024

ඇමති රාජිතගේ පුතාට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගනී

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයෙකු වන එක්සත් සේනාරත්න මහතා විසින් තම දියණිය පැහැරගෙන ගොස් බලෙන් රඳවාගෙන සිටින බවට චෝදනා නගමින් රාජිත සේනාරත්න මහතාට, ඔහුගේ බිරිඳට සහ එක්සත් සේනාරත්න මහතාට එරෙහිව ගොණුකර තිබූ නඩුව ඉල්ලා අස් කර ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

අදාල දැරියගේ පියාගේ නීතීඥවරු අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට මේ බව දැනුම් දී තිබේ.

එම ඉල්ලීම තහවුරු කර ගැනීම සඳහා ලබන 28 වැනි දා නැවතත් නඩුව කැඳවිමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 07 August 2015 16:00