May 13, 2024

හිරුණිකා ඇතුළු 6ක් සන්ධානයෙන් ඉවතට

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරුන් 6 දෙනකු ඉවත් කිරීමට එම සන්ධානය තීරණය කර තිබේ.

ඒ අනුව පළාත් සභා මන්ත්‍රීවරුන් 6 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අද(07) සිට තහනම් කරන බවත්, ඒ බව දන්වා ඔවුන්ට ලිඛිතව තැපෑලෙන් ලිපි යවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

ඔවුන් එක්සත් ජාතික පක්ෂයෙන් සහ ස්වාධීන කණ්ඩායම්වලින් තරග කිරීම එම ක්‍රියාමාර්ගය ගැනීමට හේතුවූ බවත් මේ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද දන්වන බවත් අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

ඒ අනුව දකුණු පළාත් සභා මන්ත්‍රි හේවා අන්තෝනිගේ පියසේන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ නිරෝෂා අතුකෝරාල යන අයගේ සහ ඌව පළාත් සභා මන්ත්‍රි හරීන්ද්‍ර ධර්මදාස, වඩිවේලි සුරේෂ් යන මහත්ම මහත්මීන්ගේ පක්‍ෂ සාමාජිකත්වය එලෙස අත්හිටුවා ඇත. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 07 August 2015 15:06