May 13, 2024

ව්‍යාජ ඖෂධ තොගයක් කොළඹ නිවාස සංකීර්ණයකින් හමුවෙයි 

කොළඹ ආදුරුප්පුවීදියේ තෙමහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලේ කාමරයක ගබඩා කර තිබූ ඖෂධ තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.

වේදනා නාශක, කොරෙක්ස් ඩී පැණිය මේ අතර තිබී හමු වූ බවත් රජයේ ඖෂධහල්වලින් පමණක් මෙම ඖෂධ නිකුත් කරන බවත් වාර්තා වේ. මෙම ඖෂධ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 05 කට අධික වේ.

පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාශය සමග ඖෂධ පාලක අධිකාරියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

කළුතර - බිමල් ජයසිංහ

Rate this item
(0 votes)