May 13, 2024

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා වාරණය තවත් දීර්ඝ කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසරයකින් තොරව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවීම වලක්වන අතුරු නියෝගය ලබන 24 වැනි දා තෙක් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද(07) නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම් බලය පැවරී ඇත්තේ පක්ෂ නායක වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පමණක් බව පෙත්සම්කරු පවසා ඇත.

පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම් කැඳවීම නීතිවිරෝධි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ප්‍රසන්න සෝලංගාරච්චි මහතා පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම ලබන 24 වැනි දා කැඳවීමට නියම කළ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා එදිනට පෙර විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස පෙත්සමේ වගඋත්තරකරු ලෙස ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට නියෝග කර ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)