May 12, 2024

නිල ඡන්ද පත්‍රිකා තොගයක් හපුතලේ වතුයායකින් හමුවෙයි

ඌව පරණගම, හපුතලේ ලකීලෑන්ඩ් වත්තේ තිබී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 188ක් සහ අපේක්ෂක නම් ලැයිස්තු 36 ක් සොයාගෙන ඇති බව කැෆේ සංවිධානය පවසයි. 

ඒවා ඡන්දදායකයින් වෙත තැපැල් මගින් බෙදා හැරීමට නියමිතව තිබූ ඒවා බව එම සංවිධානය අවධාරණය කරයි. 

මේ අතර එක් මනාප අංකයකට සහ පක්ෂ සළකුණකට කතිරය ගසා ව්‍යාජ අන්දමින් සකසා තිබූ ඡන්ද පත්‍රිකා 14,986 ක් ත්‍රිකුණාමල දිස්ත්‍රික් එජාප අපේක්ෂක අරුණ සිරිසේන මහතාගේ පක්ෂ කාර්යාලයක තිබී  සොයාගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම ආදර්ශ ඡන්ද පත්‍රිකා නීති විරෝධි ලෙස මුද්‍රණය කර ඇති බවත් එම ආදර්ශ පත්‍රිකාවල මුද්‍රණකරුවන්ගේ නමක් හෝ මුද්‍රණය කර වූ පුද්ගලයාගේ නම සහ ලිපිනය ඇතුළත්ව නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මේ අනුව පෙනී යන්නේ තවමත් ඇතැම් ප්‍රදේශවල නීති විරෝධී ප්‍රචාරණ කටයතු සිදුවන බව ඔහු සඳහන් කරයි.

මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානය වෙත සිදුවීම් 1160 ක් වාර්තා වී ඇති අතර ඉන් සිදුවීම් 87ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස සටහන් වී තිබේ. තවත් සිදුවීම් 1073ක් මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් බව එම සංවිධානය පෙන්වා දෙයි.

Rate this item
(1 Vote)