May 11, 2024

'ආයෙත් කතානායක චමල්මයි' - මහින්ද අගමැති කරන යෝජනාවක් (VIDEO)

ඉදිරි මහ මැතිවරණයෙන් පසු පත්වන පාර්ලිමේන්තුවේ ද කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාම පත්වන බවට සැකයක් නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (06) අඟුණකොලපැලැස්සේ දී පැවති ජනහමුවකදීය.

එහිදී ඇමතිවරයා මෙසේද පැවසීය.

‘එතුමාට අනිවාර්යයෙන්ම ඇමැතිකමක් ලැබෙනවා. නමුත් පත්වෙන පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් චමල් රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ ඔහු ඔසවාගෙන ගොස් කතානායක ලෙස පත් කර ගන්නා බව අපට විශ්වාසයි.‘

තමන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කරන ලෙසට තමා පළමුවෙන්ම යෝජනා කරන බවත් ඊලඟ රජයේදී චමල් රාජපක්ෂ මහතාට ඇමතිධූරයක් ලැබෙන බවත් අමරවීර මහතා පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Friday, 07 August 2015 12:00