May 12, 2024

තාජුදීන්ගේ මරණයට පී.එස්.ඩී එකේ 3ක් සම්බන්ධයි - රාජිත (VIDEO) 

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණයට පී.එස්.ඩී නිලධාරීන් තිදෙනෙකුද සම්බන්ධ වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

යුද ගැටුම් හා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සංවිධානයේ කටයුතුවලට අදාළව මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකදී ඊට පිළිතුරු ලබාදෙමින් ඇමතිවරයා විමසා සිටියේ තාජුදීන් රටේ ආරක්ෂාවට තර්ජනයක් වූ පුද්ගලයෙකුද යන්නයි.

මේ අතර ජල සම්පත පෞද්ගලීකරණයට සුදානම් වන බවට හිටපු ජනාධිපතිවරයා විසින් කර ඇති ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ කිසිසේත් කැබිනට් මණ්ඩලය එවැනි තීරණයක් ගෙන නැති බවයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 07 August 2015 10:32