May 12, 2024

හිඟුරක්ගොඩ ඝාතනයේ වැරදිකරුට මරණ දඬුවම

හිඟුරක්ගොඩ, ජයන්තිපුර ප්‍රදේශයේ සිදු වූ පුද්ගල ඝාතනයකට වරදකරු වූ පුද්ගලයෙකුට පොළොන්නරුව මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

2003 වසරේ ජූලි මස 07 වන දින තියුණු ආයුධයකින් පහර දී මෙම පුද්ගල ඝාතනය සිදු කර ඇති අතර මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකුට චෝදනා නැගු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණි.

මරණ දඬුවම නියම වී ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකුටය.

Rate this item
(0 votes)