May 19, 2024

දක්ෂිණ අධිවේගයේදී දැරියක් බිලි ගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී අද(18) අළුයම 05.45ට පමණ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු එකහමාරක දැරියක මිය ගොස් තවත් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගාල්ල සිට කොට්ටාව දෙසට ගමන්ගත් ලොරිරථයක් එම දිශාවටම ගමන්ගත වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව ය.

තුවාල ලැබූ පුද්ගලයින් පානදුර, කළුතර හා බණ්ඩාරගම රෝහල්වලට ඇතුලත් කර ඇත.

දොඩංගොඩ පොලිස් වසමට අයත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 33.2 - 33.3 ස්ථානයේදී මෙම අනතුර සිදු ව තිබේ. 

 

ප්‍රභාත් මාතරගේ

Rate this item
(0 votes)