May 12, 2024

හිටපු ඇමති ලක්ෂ්මන්ට දැඩි කොන්දේසි මත ඇප

එජාප හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහර දීමට අනුබල දුන්නැයි කියන සිද්ධියක් මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා රුපියල් ලක්ෂ දෙකහමාරක ශරීර ඇප මත මුදා හරින ලෙස මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (06) නියෝග කළේය.

ඔහුට දැඩි ඇප කොන්දේසි ලබාදුන් මහේස්ත්‍රාත්වරයා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම හෝ කලකෝලහාල කිරීමෙන් වැළකී සිටින ලෙසත් දැනුම් දුන්නේය. ඒ අනුව රුපියල් ලක්ෂ දෙක හමාරක ශරීර ඇප නියම විය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් දසනායක මහතා පැහැරගෙන පහර දීමට අනුබල දුන්නැයි කියන සිද්ධියක් මත සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබිණි

 

Rate this item
(0 votes)