April 28, 2024

මහින්දගේ මඩ පොත හැදූ මුද්‍රණාලය වැටලූ හැටි මෙන්න (AUDIO)

රත්තනපිටිය ධර්මාරාම පාරේ පිහිටි මුද්‍රණාලයක හිටපු ජනපතිට එරෙහිව මඩ පොතක් මුද්‍රණය කරන බවට විමල් වීරවංශ මහතාගේ මහරගම පිහිටි ප්‍රධාන මැතිවරණ කාර්යාලයට පසුගිය 04 වැනිදා රාත්‍රී දුරකතන ඇමතුමක් ලැබුණු බව පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

පසුව දෙහිවල ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස ධනසිරි අමරතුංග මහතාද දැනුම්වත් කර තවත් 400ක් 500ක් පමණ පිරිසක් සමග එම ස්ථානයට ගිය බවත් පොලීසිය හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඒකකයද දැනුවත් කළ බවත් පසුව බොරලැස්ගමුව පොලීසිය පැමිණ එම මුද්‍රණාලයේ සිටි පිරිස අත්අඩංගුවට ගත් බවත් ඔහු පැවසී ය.

ඒ පිළිබඳ හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බවද රොජර් සෙනෙවිරත්න මහතා පැවසී ය.

එම හඩ පටය පහතින්

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 06 August 2015 14:04