April 28, 2024

තාජුදීන්ගේ දේහය ගොඩ ගැනීමට අධිකරණයෙන් අවසර (PHOTOS)   

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායමක් ඉදිරියේ  රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය ලබන 10 වැනිදා ගොඩ ගැනීමට අවසර ලබා දෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රහස් පොලිසියට අද(06) දැනුම් දුන්නේය.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය යළි ගොඩ ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිබඳ තීන්දුව අද(06) ලබා දෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ(05) දැනුම් දී තිබිණි.

රගර් ක්‍රීඩක තාජුදීන් සහ මෝටර් රථය ගිනිගෙන පිළිස්සී මියගිය බව මීට පෙර වාර්තා විය. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුව කළ පරීක්ෂණවලදී තහවුරු වූයේ තාජුදීන් ඝාතනය කර ඇති බව ය.

ඒ අනුව, ඔහුගේ දේහය ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය.

මේ වන විට රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය දෙහිවල මුස්ලිම් දේවස්ථාන සුසාන භූමියේ මිහිදන් කර තිබේ.

වසීම් තාජුදීන්ගේ දේහය තැන්පත් කර ඇති දෙහිවල පිහිටි මුස්ලිම් දේවස්ථානයට මේවන විටත් පොලිස් ආරක්ෂාව ලබාදී තිබේ. එම ස්ථානය පිළිබඳ වාර්තා කිරීමට හෝ තොරතුරු ලබා ගැනීමටද මාධ්‍යවේදීන්ට අවසර ලබා දී නොතිබිණි.

එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වේ.

ඡායාරූප - ඉන්දික මනෝජ්

 

 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 07 August 2015 09:42