April 28, 2024

කුකුළු මස් ව්‍යාපාරිකයෙකු කපා කොටා මරා දමයි (VIDEOS)

කුකුළු මස් ව්‍යාපාරයේ යෙදී සිටි පුද්ගලයෙකු ඊයේ (05) පෙරවරුවේ වත්තල ප්‍රදේශයේ දී සිව් දෙනෙකු විසින් කපා කොටා ඝාතනය කර තිබේ.

මොහොමඩ් අබීෂා නමැති 46 හැවිරිදි සිව් දරු පියෙකු වන මියගිය තැනැත්තා වත්තල මාබෝල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

මියගිය පුද්ගලයා අද උදෑසන සිය 16 හැවිරිදි පුත්‍රයෙකු සමඟ ත්‍රි රෝද රියකින් ගමන්ගන්නා අතරතුර දී එය හඹා ආ පුද්ගලයින් සිව්දෙනෙකු කඩු සහ පිහි යොදාගෙන මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ.

බරපතල තුවාල සහිතව සිටි ඔහු රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මේ අතර මියගිය පුද්ගලයා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවෙකු බවත්, ඔහුගේ ඝාතනයට හේතුව මෙවර මැතිවරණයේ දී සන්ධානයට පක්ෂපාතීව කටයුතු කිරීම බවත් වත්තල මාබෝල නගර සභාවේ හිටපු නගරාධිපති, ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක මොහොමඩ් නවුෂාඩ් මහතා ප්‍රකාශ කළේ ය.

මෙම සිදුවීමට අදාලව අදහස් පළ කළ මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කලේ මෙය නගර සභාවේ සිටින සන්ධානයේ පුද්ගලයන්ගේ ක්‍රියාවක් බවත් මෙයට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ය. එමෙන්ම මියගිය තැනැත්තා එජාපයේ පැරණි සාමාජිකයෙකු බවත් ඒ මහතා කියා සිටියේ ය.

මෙම සිදුවීමට අදාල වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 August 2015 03:42