May 12, 2024

වෙනසක් වෙනුවෙන් ඡන්දය දුන් අය බටලන්ද අතීතය සිහිපත් කරන්න - සුසිල්

වෙනසක් බලාපොරොත්තුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ ජනතාවට මේ මො‍හොතේ බටලන්ද අතීතය සිහිපත් කරන ලෙස තමන් ඉල්ලන බව එජනිස මහලේකම් කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (05) කොළඹ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ නිසා මෙවර මහමැතිවරණයේදී ඉතාමත් කල්පනාවෙන් ඡන්දය භාවිතා කරන ලෙස තමන් ඉල්ලා සිටින බවද හෙතෙම පෙන්වා දුන්නේය. 

එක්සත් ජාතික පක්ෂයෙන් යාපනයට තරග කරන අපේක්ෂිකාවගේ පෝස්ටර් මුද්‍රණය කර ඇත්තේ පසුබිමේ ඊලාම් සිතියම දැක්වෙන ලෙස බවත්, මෙයින් පෙනී යන්නේ රට බෙදුම්වාදයට ගෙනයාමට මොවුන් දරන උත්සාහය බවත් හෙතෙම සඳහන් කළේය.

චම්පික රණවක මහතාට තමා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන බව කීමට ලැජ්ජාවක් හටගෙන ඇති බැවින් එක්සත් ජාතික පෙරමුණ යනුවෙන් භාවිතා කරන බවත්, එහෙත් සැබෑවටම එහෙව් පක්ෂයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)