May 13, 2024

කොළඹට, පේරාදෙණියට නව උප කුලපතිවරුන් - ජ‘පුරට විමලරතන හිමි 

පූජ්‍ය ඛෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට යළි පත් කෙරේ 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේගේ එම ධූර කාලය තවත් වසර පහකින් දීර්ඝ කිරිමේ පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (04) පස්වරුවේ ඛෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ආචාර්ය පූජ්‍ය ඛෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වීය.

ඊයේ පස්වරුවේ ඛෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මේ සදහා එක් විය.

මේ අතර කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල සදහා නව උප කුලපතිවරුන් දෙදෙනෙකු ජනාධිපතිවරයා අතින් අද (05) පෙරවරුවේ සිය පත්වීමි ලිපි ලබාගත්හ.

ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස මහාචාර්ය උපුල් දිසානායක මහතා ද මෙලෙස ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපි ලැබූහ.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 August 2015 23:42