May 13, 2024

මහින්දට මඩ ගහන පොත් තොගයක් බොරලැස්ගමුව මුද්‍රණාලයක - 3ක් කොටුවෙයි (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත මඩ පෝස්ටර්  25,000ක් පමණ අද (05) අළුයම බොරලැස්ගමුව මුද්‍රණාලයක තිබී සොයා ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසූවේ 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත අංක 21/C දිවුලපිටිය, බොරලැස්ගමුව ස්ථානයේ පිහිටි මුද්‍රණාලයක් බොරලැස්ගමුව පොලීසිය විසින් වැටලූ බවත් ඒ අනුව එම මුද්‍රණාලයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්ය.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා පිළියන්දල, පොතුහැර ප්‍රදේශවල පදිංචිකරුවන් බවද එම මුද්‍රණාලයේ තිබී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත මඩ පෝස්ටර් 25,000ක් පමණ සොයාගත් බවද පොලීසිය පැවසී ය.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද(05) ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. 

එම මුද්‍රණාලයේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 August 2015 18:13