May 12, 2024

ආරක්ෂක අංශ ලොක්කන්ගේ ගෙවල් බින්ද ත්‍රිරෝද රියැදුරා කොටු 

නාරාහේන්පිට හා බොරැල්ල ප්‍රදේශයේ නිවාස හතකින් රුපියල් ලක්ෂ 35ක් වටිනා රන් භාණ්ඩ, ලැප්ටොප්, ගෑස් සිලින්ඩර්, විද්‍යුත් උපකරණ හා මුදල් කලක් තිස්සේ සොරකම් කළැයි කියන ත්‍රිරෝද රථ රියදුරෙක් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේට්ලන්ඩ් පෙදෙසේ තාරවත්තේ අඩු මිලට බඩු විකුණන ස්ථානයක් පිළිබඳ ලද තොරතුරක් අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර දෙල්ගහපිටිය මහතා සමග කණ්ඩායමක් එහි ගොස් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඒ වනවිට ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේද බ්‍රිගේඩියර්වරයකුගේ ද ගෙවල් බිඳ ඇති බවත් පොලීසිය පවසයි.

ඉලක්ක කර ගත් නිවස අසළට ත්‍රිරෝද රථයෙන් ගොස් එහි කාර්මික දෝෂයක් ඇති බව පෙන්වා අවසරලත් සැනින් ගෙට පැන සොරකමේ ගිය බව කියන මෙම පුද්ගලයා මතට ඇබ්බැහි වූයේදැයි සොයා බලන බව ද පොලීසිය පැවසී ය.

කළුතර - බිමල් ජයසිංහ

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 August 2015 17:43