May 13, 2024

මළ සිරුර දැමූ බෑගය කොළඹට රැගෙන ආ සැකකරු දැළේ

යාපනය, වඩුක්කොඩෙයි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක ඝාතනය කර ගමන් මල්ලක බහා පිටකොටුව බැස්ටියන් මාවත බස්නැවතුමේ දමා යාමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අද (05) සමත් විය.

44 හැවිරිදි විවාහකයෙකු ද වන මෙම සැකකරු මන්නාරම, කෝවිල්කුලම් ප්‍රදේශයේ පෙදරේරු රැකියාවේ යෙදෙමින් සිටිය දී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර මොහු යාපනය, නල්ලූර්හි පදිංචි තිදරු පියෙකු බව සඳහන් වේ.

පසුගිය මස 29 දා කොළඹ, බැස්ටියන් මාවත බස්නැවතුමේ ගමන් මල්ලක තිබී අදාළ කාන්තා මළ සිරුර සොයාගත් අතර පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වූයේ ඇය ඊට දින 07 කට පෙර කොළඹට පැමිණ ඇගේ අනියම් සැමියා යැයි සැක කෙරෙන පුද්ගලයෙකු සමඟ ලැගුම්හලක නවාතැන්ගෙන ඇති බව යි.

පසුව සිද්ධියට සැක කෙරෙන එම පුද්ගලයා අදාළ ලැගුම්හලේ සිට මළ සිරුර දැමූ බෑගය ඔසවාගෙන එන ආකාරය දැක්වෙන CCTV දර්ශණ පොලීසිය විසින් මාධ්‍යයන්ට නිකුත් කළ අතර එම වීඩියෝ දර්ශණවලට අනුව මොහු සොයාගැනීමට හැකි වූ බව පැවසේ.

එම වීඩියෝව නැරඹීමට මෙම සබැඳිය භාවිත කරන්න.

බිමල් ශ්‍යාමන් - කළුතර

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 August 2015 15:33