May 13, 2024

ඩිලාන්ට මැතිවරණයෙන් පසු වහ බොන්න වෙයි - හරීන් වස කෑන් 02 ක් ගෙනත්  

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට මහ මැතිවරණයෙන් පසු වස බීමට සිදුවන බව ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (05) බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය. හරීන් ප්‍රනාන්දු මහතා එම සාකච්ඡාවට පැමිණ සිටියේ වස කෑන් 02 ක් ද අතැතිව ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බංකොලොත් වී ඇති බවත් ඩිලාන් පෙරේරා, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන යන හිටපු මන්ත්‍රීවරුන්ට මහමැතිවරණයෙන් පසු අත්වන ඉරණම ඊයේ (04) මාධ්‍ය හමුවේ දී ඔවුන් පෙන් වූ බවත් ඔහු සඳහන් කර ඇත.

මෙවර බදුල්ලෙන් පරදින නිසා ඩිලාන් පෙරේරා ජාතික ලැයිස්තුවට ගිය බවත් හාලිඇල ආසනය වැඩි ඡන්ද 10,000 කින් ජයග්‍රහණය කරන බවත් හෙතෙම සඳහන් කළේ ය. 

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

Rate this item
(2 votes)