May 13, 2024

ආරවුල් අමතක කර වසන්ත බැලීමට ජනක හිරගෙදරට යයි

එක්සත් ජාතික පාක්ෂිකයෙකුට පහර දුන්නේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සහ සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් වසන්ත පෙරේරා බැලීමට හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (05) බෝගම්බර සිරගෙදරට ගියේ ය.

ජනක බණ්ඩාර හා ලක්ෂ්මන් වසන්ත අතර කාලයක සිට ආරවුලක් පැවැතිණි. ඒ පිළිබඳ තෙන්නකෝන් මහතා හිටපු ජනපති ද දැනුම්වත් කළ බව වරෙක සඳහන් කළේ ය.

රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ශ්‍රීලනිප මන්ත්‍රීන් හිරේ දමන යුගයක් බිහි වී ඇති බව ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා බැලීමට ගොස් හිරගෙදරින් එළියට පැමිණි හිටපු ඇමැතිවරයා පැවසී ය.

කාංචන කුමාර - දඹුල්ල 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 August 2015 13:52