May 13, 2024

තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීමේ තීරණය හෙට

ඝාතනයට ලක්වූ බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීම සඳහා අවසර ලබාදීම පිළිබඳ හෙට (06) තීරණයක් ලබාදෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (05) ප්‍රකාශ කළේය.

තාජුදීන්ගේ අස්ථි බිඳී ඇති ආකාරය පරීක්ෂා කිරීම සඳහා සිරුර ගොඩ ගත යුතු යැයි රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීමට අවසර දෙනවාද නැද්ද යන්න හෙට තීන්දු කරන බවයි.

වසීම් තාජුදීන්ගේ සිරුර තන්පත් කර ඇති දෙහිවල පල්ලියට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 August 2015 18:12