May 13, 2024

තිස්ස අධිකරණයට එයි - නඩුවට තවම නීතිපති උපදෙස් නෑ 

ව්‍යාජ අත්සන් යොදාගනිමින් කූඨ ලේඛණ සැකසීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ නඩුවට අදාළ නීතිපති උපදෙස් තවම ලැබී නැති බව අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට අද(05) දැන්වීය.

ඒ අනුව එම නඩුව නැවතත් ලබන වසරේ ජනවාරි මස 13 වැනි දා තෙක් කල්දමනු ලැබිය. එම නඩුව වෙනුවෙන් ඉදිරිපත් වීමට තිස්ස අත්තනායක මහතා අද අධිකරණයට පැමිණ තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකව සිටි වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා එවකට විපක්ෂ නායකව සිටි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදාගනිමින් කූඨ ලේඛණ සැකසීම පිළිබඳව තිස්ස අත්තනායක මහතාට චෝදනා එල්ලවී තිබිණි. 

 

Rate this item
(0 votes)