May 13, 2024

විදෙස් ගමන් බලපත්‍රයට ඇඟිලි සලකුණු

මෙරටින් නිකුත් කරන විදේශ ගමන් බලපත්‍රය ජාත්‍යන්තරව පිළිගැනීම, විශ්වසනීයත්වය හා වලංගුභාවය තවදුරටත් තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍රයට ඇඟිලි සළකුණ ඇතුළත් කරන බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ දී ඇඟිලි සලකුණ ලබා ගැනීම සිදු කරන බවත්, 10 වැනිදාට පෙර ලබා ගන්නා බලපත්‍ර ලාභීන්ගේ බලපත්‍රවලට ඇඟිලි සලකුණු ඇතුළත් කිරීමක් සිදු නොවන බවත් වාර්තා වේ.

දියණුවන ලෝකයට ගැලපෙන සේ අප රට ද කටයුතු කළ යුතු බවත් මේ නිසා මෙම නව ක්‍රමය හඳුන්වා දෙන බවත් ආගමන විගමන පාලකවරයා සඳහන් කළේ ය.   

Rate this item
(0 votes)