May 13, 2024

දේශපාලනඥයෙකුට සහය දෙන්න ප්‍රබල පාතාලයින් 3ක් මුහුදු මාර්ගයෙන් ලංකාවට

ජාත්‍යන්තර ‍පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාතාල අපරාධකරුවන් තිදෙනෙක් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණ ඇති බවට බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ‍ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඉන්දියාවේ සිට මේ තිදෙනා පැමිණ ඇති බව සඳහන් වන අතර ඔවුන් ඉන්දියාවට මෙරටට සිට පලා යන්නේ ද මුහුදු මාර්ග ඔස්සේ බව අනාවරණ වී ඇත. 

මෙම පාතාල අපරාධකරුවන් ගම්පහ දිස්ත්‍රික් දේශපාලනඥයෙක් සමග පසුගිය කාලයේ සම්බන්ධකම් පවත්වා ඇති අතර ඔහුගේ දේශපාලන ක්‍රියාවලියට ඔවුන් පැමිණ ඇති බවට බුද්ධි අංශ සැකකරයි. මෙරටට පැමිණ ඇතැයි සැකකරන එම පාතාල අපරාධකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු රටින් පළා යන්නේ මීට වසර පහ හයකට පෙර වන අතර අනෙක් තැනැත්තා පළා යන්නේ වසර විස්සකට පෙරය.

(ලක්බිම)

Rate this item
(0 votes)