May 11, 2024

මහේලට එංගලන්තයේ උපදේශක තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පිතිකරණ උපදේශකයෙකු ලෙස එංගලන්ත කණ්ඩායම සමගින් එක්වන බවට එංගලන්ත ක්‍රිකට් වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඊයේ (04)වාර්තා කළේය.

ඒ අනුව ඉදිරියේදී එංගලන්ත කණ්ඩායම පාකිස්තානු කණ්ඩායමට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුකරන තරග සංචාරයේදී එංගලන්ත පුහුණුකාර මණ්ඩලයට මහේල උපදේශකයෙකු ලෙස එක්වීමට නියමිතය.

වර්තමාන එංගලන්ත ප්‍රධාන පුහුණුකරු සහ සහාය පුහුණුකරුවන් මෙන්ම කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේද පුහුණුකරුවන් ලෙස කටයුතු කළ පිළිවෙළින් ට්‍රෙවර් බේලිස් සහ පෝල් ෆාබ්‍රේස් මහේල උපදේශකයෙකු ලෙස එක්කරගැනීම සඳහා පසුගිය මස සිට මහේල සමග සාකච්ඡා පවත්වා තිබේ.

කෙසේ නමුත් මහේල දීර්ඝකාලීනව එංගලන්ත කණ්ඩායම හා එක්නොවන අතර, වසරකට දින කිහිපයක් ඔහු එංගලන්ත කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇත.

මහේලගේ ක්‍රීඩා දිවියේ ආසියානු කලාපයේ දක්වා ඇති දක්ෂතා හේතුවෙන් එංගලන්ත කණ්ඩායම ආසියාවේ කරනු ලබන සංචාරවලදී මහේලගේ සේවය වැඩි වශයෙන් යොදාගැනීමට නියමිතය.

විශේෂයෙන් 2016 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීම මහේලගේ සේවය ලබාගැනීම සඳහා එංගලන්තය පෙළඹීමේ ප්‍රධාන හේතුවක් වන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 August 2015 09:22