May 12, 2024

රනිල් ඇතුලු 4කට දෙන්න 'ඩිලාන් වහ බෝතල් ගෙනෙයි' (VIDEO)  

අපේ රජය උතුරු අධිවේගී මාර්ගය ලෙස ඉදිකිරීමට නියමිතව තිබූ මාර්ගයම රනිල් වික්‍රමසිංහ මහතා මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස නම් කර ආරම්භ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසූවේ අද (04) පැවැති ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී ය.

එහිදී ඩිලාන් පෙරේරා මහතා මෙසේද පැවසී ය.

“වහ බෝතල් කිහිපයක් ගෙනැවිත් ඒවා මහ බැංකු වංචාව වහන්න හැදූ රනිල් වික්‍රමසිංහ මහතාට, රවී කරුණානායක මහතාට, ලොකුම වංචාව කළ මහ බැංකු අධිපතිට, ලොතරැයි ඡන්ද ක්‍රමය හඳුන්වා දුන් මංගල සමරවීර මහතාට, වැලි පර්මිට් ලබාදුන් ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දුට බීමට සුදුසු බවත් ජනතාවගේ සල්ලි හොරකම් කරන අයට වහ බොන්න යැයි කියූ මාදුළුවාවේ සෝභිත හිමියන් හමුවී මේවා ලබාදී එම පුද්ගලයන්ට බීමට ලබාදීමට කටයුතු කරනවා“ යැයි ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

එම වීඩියෝව පහතින් නරඹන්න

වීඩියෝ - ලංකාදීප

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 August 2015 09:34