May 11, 2024

රූපවාහිනී මුල් පුටුව රවී ජයවර්ධනට

රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ සෝමරත්න දිසානායක මහතා පසුගිය දා එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට රවී ජයවර්ධන මහතා පත් කර තිබේ.

නීතිඥයකුවන රවී ජයවර්ධන මහතා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකු ද වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති විශාරදයකුවන ජයවර්ධන මහතා එංගලන්තයේ ලැංකෂයර් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකි.

වත්මන් රජය පත්වීමත් සමග රූපවාහිනී සංස්ථාවේ කාලීන වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙස ඒ මහතා ක්‍රියා කළ අතර එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද වේ.

එක්සත් ජාතික පක්ෂ හොරණ ආසන සංවිධායක ලෙස ද රවී ජයවර්ධන මහතා කලක් කටයුතු කළේ ය.

Rate this item
(0 votes)