May 11, 2024

රිෂාඩ් බදියුදීන්ට නොතීසි 

විල්පත්තු භූමියේ වන එළිපෙහෙළි කිරීමත්, නීති විරෝධී නැවත පදිංචි කිරීම් සිදුකීරීමත් යන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ලබන සැප්තැම්බර් 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (04) නොතීසි නිකුත් කළේය.

ස්වභාවික යුක්ති කේන්ද්‍රය විසින් බදියුදීන් ඇමතිවරයා ඇතුළු 6 දෙනකු වග උත්තරකරුවන් කරමින් ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගත් අභියාචානාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හා එච්.සී.ඩී.මඩවල මහත්මිය මෙම නියෝගය නිකුත් කළහ.

 

Rate this item
(0 votes)