May 11, 2024

'ඒක ජනතා විමුක්ති පෙරමුණේ කඩේ' - සමන්ත කියයි (VIDEO)  

"කුඩු ගේන්නෙ නැති, ජනතාව ගැන හිතන, ජනතාව ගැන සළකන්න පුළුවන් කඩයක් අපි දාලා තියෙනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණේ කඩේ. සීනුවේ කඩේ" යැයි ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (03) වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක දී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වූ ඒ මහතා පැවසූවේ, 

“67 අවුරුද්දක් බඩු ගත්ත කඩේ අතාරින්න. අපි ගාවට එන්න. අපි අඩුවට දෙන්නම්. රට හදලා දෙන්නම්. ගොඩ නගලා දෙන්නම්. මේ කඩේට එන්න. ඇවිල්ලා බලන්න. දැන් අර කඩ දෙක අතාරින්න ඕන. එකෙන් ගන්න දෙයක් නෑ. ලාභයක් නෑ. හැමදේම පාඩුයි. දැන් නිවැරදි තැනක් තෝරන්න ඕන.“

“අශ්වයොයි බූරුවොයි එකට හිටියහම එකට වාසය කළාම උන්ට පැටියෙක් හම්බ වෙනවා. ඒකට කියන්නේ කොටලුවා කියලා. කොටලුවට තියෙන විශේෂත්වය තමයි ඌට බෑ වර්ගයා බෝ කරන්න. ඉතිං මේ යුඑන්පී එකයි ශ්‍රී ලංකා එකයි එකතු වෙලා හැදුවනෙ ජාතික ආණ්ඩුවක්. කොටලු ආණ්ඩුවක්, මොකක්වත් බෑ. කොටලු ආර්ථිකයක්, කොටලු අධ්‍යාපනයක්, කොටලු ගමනක්.“ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)