May 11, 2024

එක් හිමිනමක් පෙරමුණු දෙකකින් නාම යෝජනා දීලා

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට බොදු ජන පෙරමුණේ 'නාගයා' ලකුණින් කළුතර දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබා දී ඇති ඕවිටිගල ධම්මානන්ද හිමියන් ජනසෙත පෙරමුණෙන් ද නාම යෝජනා ලබාදීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මීගහතැන්න, පොල්ගම්පල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන ධම්මානන්ද හිමි මෙම පක්ෂ දෙක යටතේම නාම යෝජනා ලබා දී ඇතත්, එම අවස්ථාවේ විරෝධතා මතු නොවීම නිසා මෙම තත්ත්වය උදා වී ඇතැයි මැතිවරණ නිලධාරීහු පවසති.

ජනසෙත පෙරමුණට ඉල්ලුම් කළ නාම යෝජනා පත්‍රයට යොදාගෙන ඇත්තේ වැරදි අත්සනක් බව බොදුජන පෙරමුණේ ප්‍රධාන පෙළේ අපේක්ෂක භික්ෂූන් වහන්සේ නමක් ප්‍රකාශ කළහ.

Rate this item
(0 votes)