May 11, 2024

ගෝල්ඩන් කී නඩුව අවසන් 

සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවල මහතාගේ ගෝල්ඩන් කී තැන්පතු සම්බන්ධයෙන් පැවැති සියලු නඩු කටයුතු අවසන් කිරීමට අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (04) තීරණය කළේය.

එම මුදල් අදාළ තැන්පත්කරුවන්ට නැවත ගෙවීමේ රජයේ ක්‍රමවේදයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී ඇති අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් පැමිණිලි ගොනු කර තිබූ පාර්ශව සහ විත්තිකරුවන් යන සියලු පාර්ශව සමථයකට එකඟවීමෙන් පසු වසර 6ක කාලයක් පැවැති නඩු කටයුතු අවසන් කිරීමට තීරණය විය.

තැන්පත්කරුවන් වෙනුවෙන් මුදල් ගෙවීම රජය මගින් පසුගියදා ආරම්භ කෙරිණි. මෙරට සිදුවූ විශාලතම මූල්‍ය වංචාව වන ගෝල්ඩන් කී තැන්පතු වංචාව තුළින් පීඩාවට හා සිත්තැවුලට පත් තැන්පත්කරුවන් 26 දෙනකු සිය දිවි නසාගැනීම් හා විවිධ අසනීප හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

තැන්පත්කරුවන් 9056 දෙනෙක් ගෝල්ඩන් කී සමාගමේ රුපියල් මිලියන 26,500 ක් තැන්පත් කර තිබිණි. රුපියල් 50,000 සිට ලක්ෂ දෙදහස දක්වා තැන්පතු ඒ අතර වෙයි.

 

 

Rate this item
(0 votes)