May 10, 2024

ටයරය පිපිරීමෙන් සිදු වූ බස් රථ අනතුරෙන් 35ක් රෝහලේ

වාලච්චේනේ, පුනානි ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (03) රාත්‍රී 11.30 ට පමණ කාත්තාන්කුඩියේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇත. 

ටයරය පිපිරීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර එහි ගමන් කළ මගීන් 25 දෙනෙකු බරපතල තුවාල ලබා පොළොන්නරුව, වාලච්චේන හා මඩකලපුව රෝහල් වෙත ඇතුළත් කළ බව අප වාර්තාකරු පවසයි. 

සුළු තුවාල සහිත පුද්ගලයින් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වාලච්චේන පොලීසිය විසින් සිදු කරයි.

මඩකලපුව - ජවුෆර්කාන්

Rate this item
(0 votes)