May 10, 2024

නිට්ටඹුවේ බස්රථ 2ක් ගැටීමෙන් 21 ක් රෝහලේ

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව, රදාවඩුන්න ප්‍රදේශයේ දී කොළඹ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයක් හා  කොළඹ බලා ධාවනය වූ තවත් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්  සිදු වූ අනතුරකින් 21දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අද(04) පෙරවරු 7.15ට පමණ සිදුවු අනතුරෙන් තුවාල ලැබු 21 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

කොළඹ සිට යාපනය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් සහ කුරුණෑගල සිට කොළඹ දෙසට ධාවනය වු  පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 August 2015 10:14