May 10, 2024

උසස්‌ පෙළ විභාගය අද ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්‌ථාන 2180 කදී අද (04) ආරම්භ කෙරේ.

ඒ අනුව අද සිට 13 වැනිදා දක්‌වා සහ 24 වැනිදා සිට සැප්තැම්බර් මස 8 වැනිදා වශයෙන් අදියර දෙකක්‌ යටතේ විභාගය පැවැත්වේ.

මෙවර විභාග රාජකාරී සඳහා 22,000ක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

මෙවර මෙම විභාගය සඳහා අපේක්ෂකයින් 309,069 දෙනෙකු පෙනී සිටි අතර ඉන් පාසල් අයදුම්කරුවන් 236,072ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 72,997ක් වේ. 

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2180ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 303ක් ස්ථාපික කර තිබේ.

විභාග මධ්‍යස්‌ථාන අසල මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම, පෙළපාලි හා උද්ඝෝෂණ පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

Rate this item
(0 votes)