May 10, 2024

පාතාලය කොටුකරන්න පොලීසිය වැඩ අරඹයි - කොළඹ මාර්ග බාධක 3ක්‌ 

මහ මැතිවරණය සමයේ කොළඹ නගරය තුළ සැරිසරන පාතාල කණ්‌ඩායම් සහ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරත වන සංවිධානාත්මක කණ්‌ඩායම් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ මාර්ග බාධක තුනක්‌ කොළඹ නගරයේ ස්‌ථාපිත කර තිබේ.

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කොළඹ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට මහතාගේ උපදෙස්‌ මත මෙම මාර්ග බාධක යොදවා ඇත.

මාලිගාවත්ත, දෙමටගොඩ සහ කිරුලපන නගරවල ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි මෙම පොලිස්‌ මාර්ග බාධක යොදවා ඇති අතර පැය 24 පුරාම එය ක්‍රියාත්මක කර තිබේ.

කොළඹ පොලිස්‌ ස්‌ථාන සියල්ල ඒකාබද්ධ කර මෙම මාර්ග බාධක යොදවා ඇති අතර සෑම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයකුම දිනකට පැය දෙක බැගින් මෙම මාර්ග බාධකයේදී රාජකාරි කරනු ඇත.

මෙම පොලිස්‌ මාර්ග බාධකය කොළඹට ඇතුළු වන සහ පිටවන සැකකටයුතු සෑම වාහනයක්‌ම පරීක්‍ෂා කරනු ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

මෙම මාර්ග බාධක තුන යෙදවීමෙන් පසු සැකකටයුතු වාහන, පුද්ගලයන් සහ නීතිවිරෝධී පෝස්‌ටර් ඇතුළු අවි ආයුධ රැසක්‌ ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.

Rate this item
(0 votes)