May 10, 2024

ආයුධ තොගයක් සහිත සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක් මාළිගාවත්තේ - හයක් දැලේ (VIDEO)

මාළිගාවත්ත ප්‍රදේශයේදී සුදු පැහැති ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක තිබී  අත්පොරෝ සහ පිහි කිහිපයක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 

මෙම ජීප් රථය තුළ තිබී මන්නා පිහියක්, අත්පොරෝ දෙකක්, දුනු පිහියක්, වානේ කම්බියක් සහ ඇලූමිනියම් බාර් එකක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මාළිගාවත්ත ඛෙත්තාරාම මංසන්ධියේ සිට කොළඹට ඇතුලූවන වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසකට මෙම ආයුධ හමුවී ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් රාගම, අඟුරුවාතොට, නාගොල්ලාගම, ගාල්ල සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණ වී තිබේ.

Rate this item
(0 votes)