May 21, 2024

රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය රවිට?

මේවන විට පුරප්පාඩු ව පවතින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයට රවි ජයවර්ධන මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව අදාළ පත්වීම ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් ලබාදෙනු ඇති බවත් අද දිනයේ හෙතෙම වැඩබාරගනු ඇති බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වෘත්තියෙන් නීතිඥවරයෙකු වන රවී ජයවර්ධන මහතා කලක් හොරණ එජාප සංවිධායකවරයා වශයෙන් ක්‍රියා කළ අතර එජාප නායකත්වය සමග ගැටුම් ඇතිකරගැනීමත් සමග ඔහුට සංවිධායක ධූරය අහිමිවිය.

මීට පෙර බන්ධනාගාර කොමසාරිස් ධූරයද හෙබවූ ඔහු නව රජය බලය ලබාගැනීමෙන් පසු රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම කාලීන වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙස පත් කර තිබේ.

රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සෝමරත්න දිසානායක මහතා පසුගියදා ඉල්ලා අස්වීමෙන් අනතුරුව රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය පුරප්පාඩු වී තිබිණි.

 

Rate this item
(0 votes)