May 21, 2024

සජින්ට ඇප ලබාදීමේ අවසන් තීරණය ලබන 10 වැනිදා

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි රිමාන්ඩ් බාරයේ සිටින සජින් ද වාස් ගුණවර්ධනට ඇප  ලබා දීම ගැන තීරණය අගෝස්තු 10 වැනි දාට කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු පත්මිණි එන් රණවක මහත්මිය අද (03) නියෝග කළාය.

මහේස්ත්‍රාත් උසාවියෙන් ඔහුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රතිශෝධනය කර ඔහු ඇප පිට මුදා හරින්නැයි මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ඔහුගේ නීතීඥයන් සඳහන් කළේ සැකකරුට ඇප ලබා දීමට ප්‍රමාණවත් සාධාරණ හේතු ඇති බවයි.

කෙසේ වෙතත් සජින් ද වාස් ගුණවර්ධනට ඇප ලබා දීමට විරුද්ධ බව නීතිපති දැනුම් දී ඇත.

Rate this item
(0 votes)