May 21, 2024

'ජනපති වෙලා කරන්න බැරි වුණු දේ මන්ත්‍රීවෙලා කරන්නේ කොහොමද' - ගයන්ත (VIDEO)

වසර 10 ක් ජනපති වෙලා කරන්න බැරි වූ දේවල් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා කරන්නේ කොහොමද කියන එක ජනතාවට අමුතුවෙන් තේරුම් කළ යුතු නොමැති බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (03) පැවති මාධ්‍ය හමුවක දී ය.

මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරන බවත් මෙය පිටරට මැතිවරණයක් පවත්වන ආකාරයට පැවැත්වෙන බවට ඇතැමුන් කියන බවත් ඔහු සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වෙනුවට අද අලුත්ම බලවේගය වී ඇත්තේ කුඩු, එතනෝල්, තැබෑරුම්, ඒජන්සි හා කොන්ත්‍රාත් බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

Rate this item
(0 votes)