May 21, 2024

මහනුවර අධිවේගයට රනිල් මුල්ගල් තබයි

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) කඩවත පුවක්වැටියේදී මුල්ගල් තැබිණි. 

කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ මුල් අදියර කඩවත සිට මීරිගම දක්වාද, දෙවැනි අදියර මීරිගම සිට කුරුණෑගල දක්වාද තුන්වැනි අදියර කුරුණෑගල සිට මහනුවර දක්වාද ඉදි කෙරේ. ඒ අනුව කඩවත, ගම්පහ, බලබෝව හා මීරිගම පිවිසුම් මාර්ග ඉදිකෙරේ.

කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 98කි. මුල් අදියරේ දුර කිලෝමීටර් 37කි. කොළඹ සිට මහනුවර දක්වා යාමට දැනට පැය තුන හමාරක් ගතවන ගමන අධිවේගී මාර්ගය ඔස්සේ මිනිත්තු 50කින් යා හැකි බව වාර්තාවේ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති, එජාප මහ ලේකම් කබීර් හෂීම් හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ.

 

Rate this item
(0 votes)