May 21, 2024

'එජාපයේ පොරොන්දුවක් මත සිරකරුවන් මැතිවරණයට අරන්' - සුසිල්  

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රටේ බරපතල වැරදිවලට සිරගත වු  පුද්ගලයන් නිදහස් කරන බව ඔවුන්ගේ ආධාරකරුවන්ට පොරොන්දු වී ඔවුන් යොදාගනිමින් පක්ෂයේ දේශපාලන කටයුතු කරන බව එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (03) පැවති මාධ්‍ය හමුවකදී ය.

කොටහේනේ වෙඩි තැබීමෙන් එක්සත් ජාතික පක්ෂය තමන්ට සුපුරුදු  මැතිවරණ ක්‍රියාවලියම ගෙන යන බව හොඳින් පැහැදිලි වන බව ද ඔහු සඳහන් කළේය.

මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයාට කැන්වසින් යා නොහැකි බැවින් අමාත්‍ය රවී කරුණානායක මහතා මැතිවරණ නීතිය උල්ලංඝණය කර ඇති බවද මහලේකම්වරයා පැවසී ය.

 

Rate this item
(0 votes)