May 21, 2024

තැපැල් ඡන්ද විමසීම සාමකාමීයි - කැෆේ 

‍අද (03) පැවති තැපැල් ඡන්ද වීමසීමේ කටයුතු ඉතා සාමකාමීව පැවති බව කැෆේ සංවිධානය සඳහන් කරයි. 

මීට පෙර තැපැල් ඡන්දයේ බහුල වශයෙන් දක්නට ලැබුණ නීති විරෝධි ප්‍රචාරක කටයතු මෙවර දක්නට නොලැබුණු බව එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ කාර්යාලයක පමණක් අත් පත්‍රිකා බෙදමින් සිටි තරුණයින් සිව් දෙනෙක් සහ තරුණියන් සිව් දෙනෙක් අත්අඩංගුවට පත් ව ඇති බව කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.

Rate this item
(0 votes)