May 21, 2024

පොලිස් නිලධාරීන් හා ගුරුවරුන් ඡන්දය දෙයි

මෙවර මහමැතිවරණය වෙනුවෙන් වන්නි දිස්ත‍්‍රික්කයේ පොලිස් නිලධාරීන් හා ගුරුවරු අද (03) තැපැල් ඡන්දය ප‍්‍රකාශ කළහ.

ඒ අනුව වව්නියාව පොලීසිය ඇතුළු සියලු වන්නි දිස්ත‍්‍රික්හි පිහිටි පොලිස් ස්ථානයන්හි පිහිටා ඇති තැපල් ඡන්ද මධ්‍යස්ථානයන්හි අද පෙරවරුවේ සිට පොලිස් නිලධාරීන් විසින් තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සිදු කෙරිණි.

එමෙන්ම වන්නි දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද හිමි සියලු ගුරුවරු විසින් සිය තැපැල් ඡන්දය ප‍්‍රකාශ කළ බව අප වාර්තාකරු පැවසී ය.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)