May 21, 2024

හිටපු ඇමති ලක්ෂ්මන් වසන්ත රිමාන්ඩ්

එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් දසනායක මහතාට පහර දුන්නැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ සන්ධාන අපේක්ෂක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ලබන 06 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (03) නියෝග කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාතලේ පැවති රැළියකදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට පහර දුන්නැයි ඔහුට එරෙහිව  පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව එම චෝදනාව සම්බන්ධයෙන් වසන්ත පෙරේරා මහතා අද(03) උදෑසන මාතලේ පොලිසියට බාර විය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 August 2015 00:03