May 21, 2024

උසස් පෙළ විභාගය හෙට සිට - විභාගයට සියල්ල සූදානම් 

අ.පො.ස. උසස් පෙළ විභාගය හෙට (04) ආරම්භ වන බවත් ඒ සඳහා සියලු කටයුතු සූදානම් බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

මෙවර විභාග රාජකාරී සඳහා 22,000ක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බව විභාග කොමසාරිස්වරයා පැවසී ය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 309,069 දෙනෙකු පෙනී සිටි අතර ඉන් පාසල් අයදුම්කරුවන් 236,072ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 72,997ක් වේ. 

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2180ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 303ක් ස්ථාපික කර තිබේ.

Rate this item
(0 votes)